අත පත ගාන ලාච්චුවක
අහම්බෙන් අත ගැටුනු
සමරු පොත් දෙකකි
එකින් එක පෙරලුන පිටු
නොස්ටැල්ජියාවක්ම විය
සදා නොවෙනස්වේ මැයි කියූ
ලබැඳි මිතුදමක් හමුවිය
ඒ නමුත්...............................
වත් පොතේ, මඟ තොටේ හමුවන
ඒ ලබැඳි මිතු දමම
ආගන්තුක සිනාවකට; හදිසි කතාවකට
සිරගතව ඇති අපූරුව
මතකයන් අපිව කොහෙට එක්කගෙන යනවද කියලා හිතා ගන්නවත් බෑ. අපුරුයි.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි.
Deleteඔව් ඇත්ත හැමදාමත් පැරණි මතකයන් සුන්දරයි වර්තමානයට වඩා