උපන්දින තිලිණයකිය
කහ පැහැති ලේන්සුවකිය
අවපැහැ ගැන් වී ගිය
තනිවී තිබුනේ
පැරණි සැමරුම් අතරේ
හරියටම එය අපේ
මිතුදම වගේමයි සිතුනේ
ගත උනත් බොහෝ කල්
කුනු දූවිලිත් තිබුනත්
අවපැහැයක් උනත්
සුරැකෙනු ඇත තවත්
ඉදිරියට බොහෝකල්
සුවඳයි මිතුරියේ
ලබැඳි හිතවත්කම් එදවසේ
දුරින් උන්නත් අද මෙසේ
නොහඳුනනා උන් ලෙසේ

No comments:
Post a Comment