වරාමලී ........
වචන කල නොහැකි වූ මගේ සංවේදනා
Wednesday, January 9, 2019
මේ තබ්ලා නාදය දිගේ ..........
ඉර බැසගිය සන්ධ්‍යාවක
සුමනදාස මැද මිදුලේ
ඔලු දහසක් මැදට වෙලා
ඔබේ අතින් අල්ලාගෙන
ලී පුටුවක ඇඹරි ඇඹරී
මාරම්බරී රස විඳි හැටි
ඉඳහිටවත් මතක් වේද සුදු අයියේ
Thursday, October 19, 2017
වෙහෙස
ගමන තව බොහෝ දිගුයි
මටනම් හොඳටෝම වෙහෙසයි
තවුස් දම් පුරනු රිසියෙම් නමුදු
අතැර පලා යන්නේ කෙලෙස
රාහුලයන්ම දෙදෙනෙක්
වෙසෙයි
පිංතූරය අන්තර්ජාලයෙනි
Thursday, January 21, 2016
අගෙයි මට නුඹ
කුසුමක් නොවී නුඹ
සුවඳක් උනා නම්
ගඟුලක් නොවී නුඹ
සිසිලක් උනා නම්
සයුරක් නොවී නුඹ
සුලඟක් උනා නම්
අගෙයි මට නුඹ
සොයුරෙක් උනානම්
Friday, December 11, 2015
ම(ර)ණයට පෙර
ඉඳින් ගයන්න ආත්ම ගීතය
කොවුලාණනේ .............
මොහොතකට පෙර
රමණයට
වෙව්ලන ස්වර
කිසිදා නොගැයූ ස්වර
දෝංකාර දේවි අතු පතර
මරණයට පෙර..............
ඉඳින් ගයන්න
ඇය වෙනුවන්ම ගයන්න
මරණයට මොහොතකට පෙර
ඔබේම ආත්ම ගීතය
Thursday, November 5, 2015
මේ සුභ පැතුම ඔබේ සුභ සිහිනයට අසිස් වනු පිණිසමය.................................
බාලේ පටන්,
එකටම වැඩුන අපි .....
මාවත් දෙකක පියමං කලද !
හැමදාම යෙහෙලියෝ වීමු .
(හොඳම) !!!!
අදටත් කලාතුරකින්,
ඉතින් කෝමද විමසමින්.....
හැඟීම් විරහිත දුර බනුවකින් !
කිරි කැටි මුවින් ,,,,,,,,,,,
කිරි සිනා හසරැලි දැක්මකට පෙර ......
ලඟදිම මමත් එන්නම්.....
දොලදුක් මන සංසිදීමට :)
රසමසවුලකුත් පොදි බැඳ ****
Older Posts
Home
Subscribe to:
Posts (Atom)